අහස උසටනැගුන පැතුම්එකින් එකටබිඳෙන කලටදින දිනදෙපසට යන අපඑකට තබාබඳින රැහැන
Friday, September 10, 2010
Tuesday, September 7, 2010
වෙසඟන....
මතකය අතර සිරවී....එබෙයි යළි යළි - පතුලටම සිත....
පොලවේ ගසා - පොඩිකරකුනු ගොඩට - විසිකරතැබූවෙමි ගිණි කූරක්නිම කරන්නට - මේ කරුමය...
අනේ ආයෙත් ඇවිදින්...මගේ යහනට - නිදන බිරිඳට නොපෙනීඅත ගායි හිස....
එක දවසක වෙනසකටඅතිනුත් මුදල් දීසින්නක්කරමගත් හැටිමම මේ දවන මතකය....
Saturday, August 28, 2010
පුවත් කියන්නී....
ගලවා තනපටහිමිහිට....නොදැනී බිරිඳටරහසෙම....සුව දුන් සොඳුරිය...ලොව දහසක් තතුකියවනකඩිසර.....නුඹෙ වදනක්වත් නොඇසෙනරඟ මට...කෝ නුඹ අද...විමසයි නෙත...
රහසකි තවමත්සඟවන බිරිඳට එය.....වෙනදා රස රෑ පුවත්අපුල වූ රඟ...
Tuesday, August 24, 2010
කූඩුව
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.
මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්
අද බලද්දී ජීවිතයම
මහා බරක්.
අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.
ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.
ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.
ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.
Sunday, August 22, 2010
අවසරයි..!
අවසරයි..!
ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.
හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.
හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...
Friday, June 4, 2010
නික්මීම...
ඉතින් දොර හරින්න
එපා නුඹ හඬන්න
යළි දිනක හමුවන්න
එක් වරක් පතන්න
රට රකිනු පිණිස යන
සෙබලකුදු නොවේ මම
පුතුට සුබ හෙටට මං
තනන්නකු නොවේ මම
නුඹට රන් රුවන් මිණි
ගෙනෙන්නෙක් නොවේ මම
වරක් ගිලිහී බිඳුණු
අතීතේ මතක මැද
කරක් අඳුරේ ගිලී
වසන්තය නුදුටු මට
මෙතෙක් දුර ගෙවන්නට
පහන් සර වූ නුඹට
ඉතින් පිටුපා යන්න
සොඳුර අවසර දෙන්න
දිනක මිනිසකු විලස
දෙපා ඔසවා බිමේ
නුඹගෙ සිහිනය සිතට
බරක් නොමවන දිනේ
තැලෙන පොඩිවෙන මසිත
තලා විසිකර එමී
එදින නුඹ හමු වුනොත්
එවන් සතුටක් නොවේ
Friday, March 26, 2010
සෙබළ යනු යුධ පිටියට
සෙබළ යනු යුධ පිටියට
නසනු රුපු බල වෙනුවට
රජුගෙ රජකම රැකුමට
සෙබළ යනු යුධ පිටියට
බඳිනු මුඛ හඬ දෙන දන
නසනු එයිනුත් බැරි සඳ
රජුගෙ පෙලහර මිස වෙන
කිසිවකුට මෙහි නැත ඉඩ.
සෙබළ යනු යුධ පිටියට
රැගෙන එනු මුර බට සැම
රජුට මිස අන් දන හට
නොමැත තර්ජන මිහිමත
රජු වනසන්න පෙරදින
කළ කුමන්ත්‍රණ එළිවිය
තව බලා නොසිටව
යවව උන් සැම දඟ ගෙට
සෙබළ යනු යුධ පිටියට
හද සාක්කිය නැසුමට
නුඹ පුතුගෙ හිස දන් දී
රජ පරපුරම තැනුමට
Wednesday, February 10, 2010
දම් දීපය...
පිරුණු සිර ගෙවල්
තැන තැන විසිර 'තුණු බහන්
රැගෙන අවි අතින් ගොදුරට
ඇදෙන මුර බලුන්....
අඳෝනා නැගේ පුරදොර
පිරුණු අවමඟුල්
අහෝ ! කොතැනටද හෙට අප
ඇදෙනු මේ ලෙසින්...
Monday, February 8, 2010
සිර ගත වීම...
දෙන්න මට අසිපත
සිඳින්නම් මම ගෙල
වැතිර නුඹ හා
ඔහු මත්ව ඇති මොහොතක....
එවිට අපි නිදහස්.....
.
.
.
.
.
නෑ
එවිට ඔහු නිදහස්...
මම සිරගත වෙමි
නුඹ තවෙකකුට දෙන තුරු
ඒ අසිපත...
Saturday, February 6, 2010
පරණ පොත
කියවා බලාසැරයක් දෙකක්විසිකර දැමූපරණම පොතක්....
පිය ගැට පෙලේහැපුණා ඇඟේ...රවමින් බණීහිමිකරු ඇගේ..
යුධයෙන් දිනූවිරුවෙක් වගේනොදොඩා මුවින්පිටවන්නෙමී..
Monday, February 1, 2010
ජන හඬ ගොළු විය....
ඉර අවරට විය
ජන හඬ ගොළු විය....
සඳ තරු බැඳගෙන
උන් යකු ගොරතර
රවටා දන මන
කළ රඟ මගඩිය...
මහ මග යන එන
කඩ පිල කන බොන
නැගෙනා දන හඬ
නැතිනම් අවසන
වරදක් ඇත එහි
විමසිය යුතු සැම
අතකින් යුක්තිය
අතකින් නීතිය
ගෙන නටනා මේ
උමතු නැටුම් සැම
නිම වෙද කෙදිනක...
ගුගුරා අහසින්
පුපුරා පොලොවින්
එන විට තරහින්
යුක්තිය විසඳන
දෙවියන්....
තව සිය වසරක
ඔටුන්න වෙනුවෙන්
අල්ලස් දෙන්නට
තනයිද රජිඳුන්....
Monday, January 25, 2010
සිහින...
මියැදෙන තරමටමඋපදින සිහින අපමණකඳුලැළි පිස දෙනෙතනවමු හැඟුමන් පුබුදන
අනෙක හැඟුමින් ගැබ්බරඑහැම සිහිනයකමයටි සිත ඉරි තළනරිදුම් දෙන හැඟුමක් විය.
අදට වැඩි කළුවරහෙටක තනිකර මගෙ සිතදුරක ගිය රහසෙමසොඳුරු හසරැල්ලකි එය
ගලපනු නොහැකි කවි පදසකසා පිළිසකර කරමිහිරි කවියක් නිමැවූසොඳුරු වූ ගැහැණිය ඇය
එළිවැට බිඳුණු කවියටතනි රකිණු රිසියෙනතවමත් සොහොන් පාමුලතබා එමි මගෙ සිත
පසුදින දකිමිතැළුණු පොඩිවුණු සිතහඬණු කුමටදනුඹේ පා සලකුණු දැක
Wednesday, January 6, 2010
පරණ මල
ලස්සන මල් ගැනම නිතරම කවි ලියපුඅත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපුතිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණුසෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේහන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේපෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේඅද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණපසෙකින් හිමි සඳය සසරේ දුක කියනඅහසේ සරුන්ගලයකි අතකින් මිදුණදුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරාරුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවාමම සුව විඳි යහන මත පොඩි පුතුව හොවාතව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේතහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේමරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේඅත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
Subscribe to:
Posts (Atom)