අනුන්ගේ කවි

අහුලගත්ත සුන්දර කවි කිහිපයක් හුදෙක් රස වින්දනය වෙනුවෙන් පමනක් ම ලියා තබමි.

ප්‍රේමය කියන්නේ..


"කටු ඇනෙන තැන්වලට
නතර වෙන්නැයි කියා
හදවතට බල කරන හැගීමය

පටු අදුරු තනි මගක
හුදකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමය

ළග නෑ ද අතනෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විදීමය

නිති දවන තනිකමක
ගිනියම්ව මට ළංව
දැවී,අළු වී; ඉන් ම නිවීම ය "

- සෞම්‍ය සදරුවන් ලියනගේ

No comments:

Post a Comment