ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.
මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්
අද බලද්දී ජීවිතයම
මහා බරක්.
අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.
ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.
ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.
ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.
වැරදි කිරීම දෙව ගතිය්ක් ඒවට සමාව දීල ආයෙත් එයාලටම වඳින එක මනුස්ස ගතියක් නෙව.....
ReplyDelete