දනෝ කති බොති යති
උදම් අනති
වරුණාවම වමාරති
මුළු අරලිය ගහ මැදුරම සාජ්ජයකි.
නළු නිළියන්, සිසු දරුවන්
විනිසුරුවන්, ගුරුවරයින්
ඇවිදින් යති.
ඇති පමනට කති බොති
වරුණාවම වමාරති
එනමුදු උන්
හෙට යළි ගෙට ගිය තැන් සිට
සම්බෝලයි බතුයි කියා
හොඳින් දනිති
මළ බාල සඳ ගැනකවි ලියූ දුදනන්ටඅවි පෙන්වූ දනන් යදේශාභිමානයෙන් මත් වූ.
"මිය ඇදුනු සිංහළුන්ගැන කවි නොලී උන් හටජාතියේ ශාපයඋරුම කරනට තැතනූ."
"හිමි සාමනේර වරුමිය ඇදෙන විට තැන තැනගොළුව ගිය - අත ඇතිපන්හිඳ ගැනම මිමිණූ."
බිණු දහසක් මුව මැදගොලුවුණ එක මුවක් විය.මළ පුතු ගැන තැවෙනනුඹ සැම තවම නුදුටූ...
-----------------------------යුද බිම මළ පුතුටත්බාලචන්ද්ර පුතුටත්දෙපියවුරෙන් කිරි දෙන...හෙට උපදිනබාල සඳටසිය කුස තුලඋපදින්නටඉඩ කඩ දෙන....එපමණ නොවඋපදින අප සැම පුතුණටකිරිමව වන....-----------------------------හවසට ගෙට ගොස්බෙදා අතට දෙනබත් පත වලඳනසිහල පුතණුවනි...උයා කන්න දෙනඇගේ දෙපා වැඳසමාව ගත් යුතුනොවේද තොප සැම.