කඳුළු තොටුපළින් සමුගෙන යන්නම්
බිඳුණු සිත පමණක් අරන්
මටම හිමිනැති සිතක විරහේ
කඳුළු බර ඇයි මේ තරම්
මසිත තෙත් කළ සිහිල් දිය බිඳ
සබඳ ඒ ඔබගේ සෙනේ
පිපාසිත හැම දෙතොලටම නුඹ
කිමද දිය බිඳුවක් වුණේ
අමාවක සිඳ අහස් කුස සඳ
නැගෙන්නට පෙර පෙති ලිහා
කුමුදිනිය නුඹ තරු කොපුල් මත
හාදු තවරා හිනැහුණා
සිංහල බ්ලොග්කරුවන් අතරට සාදරයෙන් පිළි ගන්නවා
ReplyDeleteමේ හීන බැලිල්ලත් නරක නැහැ වගේ ;)
දිගටම ලියන්න
ජය වේවා ර්!