මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේමළ හිරු නිවුන හන්තානේ මද අදුරේහිත් ඉරිතලන ඉකිලන මතකය අතරේසුව නින්දක නිදන මා පෙම්බර මිතුරේතරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේමල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේදිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේසන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩලඅදටත් පෙනේ හමුවන මිනිසුන් අතරමහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණතවමත් සොයමි විසිරුණු මතකය අතරඅන්තිම වතාවෙදි හමු වුණ සැදෑවකයන්තම් වගේ මතකයි හඩ කතාවකකවියක පොතක විසිරුණු දුම් වලල්ලකඅමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුකගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙනඅත දිග නැති දුරින් ඉද දුක සැප අසනදුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙනපියෙකුගෙ මතකයත් තරුවකි මග කියන
Wednesday, May 13, 2020
මිතුර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment