Sunday, May 24, 2020

ගොවි ගීතය


බොල් කරලේ ණය ගෙවන්න
දූට අරුන්ගල් ගේන්න
පියා සැලූ විහඟ රජුණි
කිම නුඹ අද නෙත් පියාන
 
රජ වී මඩ සෝදාගෙන
නුඹ එනතුරු බග බලාන
උන් අඹු දරුවන් සනහන
ගීතයක්ද කණකොක් හඬ
 
කනේරු මල් ගහ පාමුල
තිබිණි නුඹේ මුදු හදවත
දූගෙ කරේ පළන්දන්න
කඳුළු බින්දු දෙකක් එක්ක

No comments:

Post a Comment