පිරුණු සිර ගෙවල්
තැන තැන විසිර 'තුණු බහන්
රැගෙන අවි අතින් ගොදුරට
ඇදෙන මුර බලුන්....
අඳෝනා නැගේ පුරදොර
පිරුණු අවමඟුල්
අහෝ ! කොතැනටද හෙට අප
ඇදෙනු මේ ලෙසින්...
දෙන්න මට අසිපත
සිඳින්නම් මම ගෙල
වැතිර නුඹ හා
ඔහු මත්ව ඇති මොහොතක....
එවිට අපි නිදහස්.....
.
.
.
.
.
නෑ
එවිට ඔහු නිදහස්...
මම සිරගත වෙමි
නුඹ තවෙකකුට දෙන තුරු
ඒ අසිපත...
කියවා බලා
සැරයක් දෙකක්
විසිකර දැමූ
පරණම පොතක්....
පිය ගැට පෙලේ
හැපුණා ඇඟේ...
රවමින් බණී
හිමිකරු ඇගේ..
යුධයෙන් දිනූ
විරුවෙක් වගේ
නොදොඩා මුවින්
පිටවන්නෙමී..
ඉර අවරට විය
ජන හඬ ගොළු විය....
සඳ තරු බැඳගෙන
උන් යකු ගොරතර
රවටා දන මන
කළ රඟ මගඩිය...
මහ මග යන එන
කඩ පිල කන බොන
නැගෙනා දන හඬ
නැතිනම් අවසන
වරදක් ඇත එහි
විමසිය යුතු සැම
අතකින් යුක්තිය
අතකින් නීතිය
ගෙන නටනා මේ
උමතු නැටුම් සැම
නිම වෙද කෙදිනක...
ගුගුරා අහසින්
පුපුරා පොලොවින්
එන විට තරහින්
යුක්තිය විසඳන
දෙවියන්....
තව සිය වසරක
ඔටුන්න වෙනුවෙන්
අල්ලස් දෙන්නට
තනයිද රජිඳුන්....