අහස උසටනැගුන පැතුම්එකින් එකටබිඳෙන කලටදින දිනදෙපසට යන අපඑකට තබාබඳින රැහැන
Friday, September 10, 2010
Tuesday, September 7, 2010
වෙසඟන....
මතකය අතර සිරවී....එබෙයි යළි යළි - පතුලටම සිත....
පොලවේ ගසා - පොඩිකරකුනු ගොඩට - විසිකරතැබූවෙමි ගිණි කූරක්නිම කරන්නට - මේ කරුමය...
අනේ ආයෙත් ඇවිදින්...මගේ යහනට - නිදන බිරිඳට නොපෙනීඅත ගායි හිස....
එක දවසක වෙනසකටඅතිනුත් මුදල් දීසින්නක්කරමගත් හැටිමම මේ දවන මතකය....
Saturday, August 28, 2010
පුවත් කියන්නී....
ගලවා තනපටහිමිහිට....නොදැනී බිරිඳටරහසෙම....සුව දුන් සොඳුරිය...ලොව දහසක් තතුකියවනකඩිසර.....නුඹෙ වදනක්වත් නොඇසෙනරඟ මට...කෝ නුඹ අද...විමසයි නෙත...
රහසකි තවමත්සඟවන බිරිඳට එය.....වෙනදා රස රෑ පුවත්අපුල වූ රඟ...
Tuesday, August 24, 2010
කූඩුව
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.
මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්
අද බලද්දී ජීවිතයම
මහා බරක්.
අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.
ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.
ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.
ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.
Sunday, August 22, 2010
අවසරයි..!
අවසරයි..!
ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.
හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.
හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...
Subscribe to:
Posts (Atom)



